Saturday, July 10, 2021

Perodua Axia Cars for sale in Sri Lanka. New and used Perodua Axia

 RIYASEWANA.COM | IKMAN.LK

Monday, November 9, 2015

Saturday, November 15, 2014

Viva Elite මෝටර් රථ ලංකාවේ විකිණීම නවතා දමයි



මැලේසියානු පෙරුඩුවා මෝටර් රථ සමාගම විසින් නිපදවන Viva Elite මෝටර් රථය ලංකාවේ විකිණීම නතර කිරීමට යුනයිටඩ් මෝටර්ස් සමාගම තීරණය කර තිබේ.
මෙම මෝටර් රථ මෙරට අලෙවි කිරීමේ නියෝජිතයා වන යුනයිටඩ් මෝටර්ස් සමාගම සඳහන් කරන්නේ මෙම මෝටර් රථය තවත් වැඩි දියුණු කර නවතම මෝටර් රථයක් ලෙසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බැවින් Viva Elite මෝටර් රථය අලෙවිය නතර කළ බවයි.
යුනයිටඩ් මෝටර්ස් සමාගම තවමත් viva 850cc කුඩා මෝටර් රථය මෙරට අලෙවි කරන අතර එහි මිල රුපියල් 19,25,000 ක සිට රුපියල් 17,60,000 ක් දක්වා අඩුකර ඇත.
Source: Adaderana

Friday, November 14, 2014

ඇල්ටෝ, වීවා, පැන්ඩා ඇතුළු සියළුම පොඩි කාර්වල මිල අඩුවන හැටි. සම්පූර්ණ විස්තරේ මෙන්න

2015 අයවැය යෝජනා වලට අනුව කුඩා මෝටර් රථවල මිල ගණන් විශාල ලෙස අඩුවී තිබෙන අතර වාහන අලෙවි කරන සමාගම් විසින් ඒවායේ නවතම මිල ගණන් එළි දක්වා තිබේ.
මේ අනුව, ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගමේ ප්‍රකාශයෙකු අප වෙත සඳහන් කළේ මීට පෙර රුපියල් 18,50,000 කට තිබූ Alto මෝටර් රථයක් රුපියල් 14,98,000 ක් දක්වා අඩුවී තිබෙන බවයි.
රුපියල් 27,65,000 කට තිබූ Suzuki Wagon R මෝටර් රථයක මිල රුපියල් 24,50,000 ක් දක්වා අඩුවී තිබෙන අතර Suzuki StingRay මෝටර් රථයක මිල රුපියල් 28,55,000 ක සිට රුපියල් 26,15,000 ක් දක්වා අඩුවී ඇත.
මීට අමතරව, රුපියල් 25,40,000 කට තිබූ Suzuki Celerio ඔටෝ ගියර් රථයක මිල රුපියල් 24,65,000 ක් දක්වා අඩුවී තිබෙන අතර Suzuki Celerio මැනුවල් මෝටර් රථයක මිල රුපියල් 21,90,000 ක සිට රුපියල් 20,50,000 ක් දක්වා අඩුවී තිබේ.
එසේම, රුපියල් 18,50,000 කට තිබූ Suzuki Omni වෑන් රථයක මිල රුපියල් 16,75,000 ක් දක්වා අඩුවී තිබෙන අතර Suzuki Swift මෝටර් රථයක මිල රුපියල් 31,50,000 ක සිට රුපියල් 28,50,000 ක් දක්වා අඩුවී ඇත.
මේ අතර, පෙරුඩුවා සමාගම නිපදවන ViVA මෝටර් රථ අලෙවි කරන යුනයිටඩ් මෝටර්ස් සමාගම සඳහන් කරන්නේ රුපියල් 19,25,000 කට තිබූ viva 850cc කුඩා මෝටර් රථය මේ වනවිට රුපියල් 17,60,000 ක් දක්වා අඩුවී තිබෙන බවත් සමාගම විසින් මේ වනවිට අලෙවි කරන්නේ මෙම කුඩා මෝටර් රථය පමණක් බවයි.
මයික්‍රෝ මෝටර් රථ සමාගමෙන් කළ විමසීමේදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ රුපියල් 15,45,000 කට තිබූ Panda GB මෝටර් රථයක් රුපියල් 12,45,000 ක් දක්වාත් රුපියල් 16,70,000 කට අලෙවිකළ Panda GS මෝටර් රථයක් රුපියල් 13,95,000 ක් දක්වා අඩුවී තිබෙන බවයි.
මීට අමතරව, රුපියල් 20,75,000 කට අලෙවි කළ Panda Cross මෝටර් රථයක මිල මේ වනවිට රුපියල් 18,25,000 ක් දක්වා අඩුවී ඇත.
පවතින ඉල්ලුම මත මෙම සමාගම් වලින් මෝටර් රථ ඇනවුම් කර ලබා ගැනීමට මාස දෙක තුනක කාලයක් ගතවන බවද අනාවරණය වුණි.
Source: Adaderana

Monday, August 11, 2014

Viva ELITE වලින් පසුව කරළියට එන Perodua Axia

මැලේසියානු පෙරුඩුවා (Perodua) සමාගම විසින් නිපදවූ වීවා මෝටර් රථ සඳහා ලංකාවේ තිබෙන්නේ විශාල ඉල්ලුමකි. වීවා මෝටර් රථ මෙරට මහ පාරේ නිතර දකින්නට හැකිය.


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වීවා මෝටර් රථයෙන් පසුව පෙරුඩුවා (Perodua) සමාගම විසින් තවත් කුඩා මෝටර් රථයක් නිපදවා තිබෙන බවත් එය ළඟදීම එළිදැක්වීමට සූදානම් වන බවයි.
මෙම මෝටර් රථය නම්කර තිබෙන්නේ Perodua Axia නමින් වන අතර එය ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉහළ වන බවත් සුපුරුදු පරිදි ජපාන ඩයිහට්සු සමාගම සමග එක්ව නිපදවා තිබෙන බවත් සඳහන්ය.
Perodua මෝටර් රථ බාහිර සැලසුම් මැලේසියානු සමාගම විසින් නිර්මාණය කළද එම මෝටර් රථවල අභ්‍යන්තර කොටස් වලින් වැඩි කොටස ඩයිහට්සු සමාගම හා ටොයොටා සමාගම විසින් නිපදවා තිබේ.
එයට හේතුව වන්නේ Perodua සමාගමෙන් කොටසක් ජපාන ඩයිහට්සු සමාගමට අයත් වීමත් ඩයිහට්සු සමාගම සහ ටොයොටා සමාගම අතරද ව්‍යාපාරික ඒකාබද්ධතාවයක් තිබීමයි.
මේ අනුව, වාර්තා වන ආකාරයට Daihatsu Ayla මෝටර් රථය Perodua Axia යනුවෙන් සන්නාමකරණය කර තිබේ.
මෙම මෝටර් රථය එළි දැක්වීමෙන් Perodua සමාගම තරගයක් ලබාදීමට සූදානම් වන්නේ Kia Picanto, Hyundai i10 සහ Chevrolet Beat යන මෝටර් රථ වලටයි.